( අමදෝරු අමරජීව )
දින තුනකට පෙර අතුරුදහන් වු සිවිල් ආරක්ෂක භටයෙකුගේ මල සිරුර අද (20) පස්වරුවේ සේරුවිල කාවන්තිස්සපුර කුඹුරු යායක තිබි සොයාගත් බව සේරුනුවර පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ , සේරුවිල,කාවන්තිස්සපුර පදිංචි මාරසිංහ ආරච්චිලාගේ තිලකරත්න (59) නැමැති අයයි.
ඉකුත් 17දා අලුයම නිවසින් ගිය මෙම සිවිල් ආරක්ෂක භටයා සොයා දින තුනක් තිස්සේ සේරුනුවර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.ඒ.එස්.බි.මගලේගොඩ මහතාගේ මෙහෙයවිම යටතේ පුලුල් පරික්ෂණයක් සිදුවිය.
මෙසේ මියගොස් සිටි සිවිල් ආරක්ෂක භටයා කාවන්තිස්සපුර අනු කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.