(දයාරත්න ඇඹෝගම)
මරණීය තර්ජන කර දෙදරු මවක අපයෝජනය කර, ඇගේ මුදුවක් හා රන් මාලයක් පැහැර ගත්තේ යැයි කියන පුද්ගලයකු අද (11) කදිරාගමදි අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල, කදිරාගම පදිංචි 34 හැවිරිදි විවාහකයෙකි.
පසුගිය 09වැනිදා මෙම කාන්තාව සේවය නිමකර පාපැදියෙන් නිවස වෙත යමින් සිටියදී, සැකකරු ඇයට පිහියක් පෙන්වා බියගන්වා කදිරාගම වැව ආසන්නයේ පිහිටි වෙල්යායකදී දුෂණය කර රුපියල් ලක්ෂයක් පමණ වටිනා මුදුවක් හා රන් මාලයක් පැහැර ගෙන ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාව පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරු අද(11) අත්අඩංගුවට ගෙන තිබුණි.
අතවරයට පත් මෙම කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන අතර, ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන්නියකි.
සැකකරු අද(11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්පාදනය කොට හෝ මෙවන් අපරාධකරුවන්ට හැකි ඉහලම දඩුවම් ලබා දිය යුතුයි.