IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දෙදරු මවකගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර  මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)

හුණුමුල්ල කැලෑපිටිමුල්ලේ  නිවසකට මහ දවාලේ ඇතුළු  වී  හතලිස් දෙහැවිරිදි කාන්තාවක ගෙල කපා පිහි පහර 63 ක් එල්ල කර මරා  දැමී යැයි  35 හැවිරිදි දෙදරු පියෙකු  අද ( 06 ) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

මෙසේ මරා දමා  ඇත්තේ  මීට  දෙවසරකට පෙර විවාහයට පත් 42 හැවිරිදි වඩුගේ දුලීකා සංජීවනී ලිවේරා   නැමැත්තියකි. 

මරණය පිළිබඳ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය   ඊයේ ( 05)  දහවල්  මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් සිසිර විජේසූරිය මහතා විසින් සිද්ධියවූ ස්ථානයේදී පවැත්වනු ලැබීය.

මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.කේ. විජේවර්ධන මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේදී මරණකාරියගේ සිරුරේ කැපුම් තුවාල 63 ක් ඇති බව අනාවරණය විය.

ඉන් 44 ක් බරපතල ගණයේ වූ අතර ගෙලෙහි සිදුවූ කැපුම් තුවාලය ඇතුලූ තුවාල නිසා සිදුවූ ලේ වහනය හා කම්පනය නිසා මෙම මරණය සිදුව ඇති බවට නිගමනය කර ඇත.

ඊට අමතරව   මිය යන්නට පෙර ඇය  අතවරයකට ලක් වී  ඇති බවද එහිදී හෙලිවී ඇත.   

දුලීකාට තුවාල සිදු කළ පිහිය මෙන්ම සැකකරු ඇද සිටි ඇදුම් ආදියද සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත. 

සැකකරු අද( 06) සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්  කිරීමට නියමිතව ය.



අදහස් (0)

දෙදරු මවකගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 338 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2148 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site