
( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් අද (07) අලුයම අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.
ජලාශයේ වාන් දොරටු අටෙන් හතරක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 8400 ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරෙන බවත් මේ හේතුවෙන් කිසිසේත්ම පහල ප්‍රදේශවලට ගංවතුර තත්වයක් ඇති නොවන බවද වාරි නිලධාරීහු සදහන් කළහ.
ඉදිරියේ දී ලැබෙන වර්ෂා තත්වය අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර 60000කි. එහි ජලාශයෙන් ගොඩ සහ මඩ වගාබිම් අක්කර 6000 කට ජලය සැපයේ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.