(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණ පිරිසක් අතර සිටි එක් තරුණයෙකු අද (16) දැදුරුඔයේ ගිලි අතුරුදහන්ව ඇති බව හලාවත පොලිසිය කියයි.
මීගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (15) මඩු සිද්ධස්ථානයේ පැවැති මංගල්‍යයට සහභාගිවී ආපසු යමින් සිටියදි අද (16) දිවා ආහාරය ගැනීම පිණිස හලාවත දැදුරු ඔය ඉවුර කරා පැමිණ ඇති බවත් පසුව ඔවුන් දිවා ආහාර ගැනීමට පෙර ඔයට බැස විනෝද වෙමින් දියනා ඇති අතර එහිදි එක් අයෙකු අතුරු දහන්ව ඇති බවත් දැනගන්නට තිබේ.
අතුරුදහන්වූ තරුණයා වයස අවුරුදු 24 ක් වන අයෙකු බව කියයි.
අතුරුදහන්වූ තරුණයා සොයා මේ වන විට පරික්ෂණ අරම්භ කර ඇති නමුත් මෙතෙක් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබි නැති බවත් කියයි.
ඡායාරූප - ජූඩ් සමන්ත






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd