IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දඩ කොලෙන් මඟ මරුවා පන්නන්න බෑ

ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු සියයට 13කින් අඩුවී ඇතැයි ගාල්ල කොට්ඨාසයේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ භාර සහකාර පොලිස් අධිකාරී විජිත රණබාහු මහතා පවසයි.

 ‘‘2014 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 2015 දී අඩු වී තිබෙනවා. ඒ සියයට 13කින් 2015 දී අනතුරු 2890ක් සිදු වුණා. ගාල්ල කොට්ඨාශයේ 2015 වර්ෂයේ දී මාරක රිය අනතුරු 73ක් සිදුව තිබෙනවා. අපි 2016 දී 2015ට සාපේක්ෂව මාරක රිය අනතුරු සංඛ්‍යාව සියයට 20කින් අඩු කරගැනීමට කටයුතු කිරීම අවශ්‍යයි. මේ වැඩසටහන පවත්වන්නේ ඒ වෙනුවෙන්. අපේ නිලධාරීන් දැනුම්වත් කරන්න. අනතුරක් සිදුවීම වළක්වා ගැනීමේ සිට මාර්ගයේ රිය ධාවනය කරන රියදුරන් ගේ රිය පැදවීමේ ගුණාත්මක බව වැඩි කරන්නත් පොලිසිය  කටයුතු කළ යුතුයි.

වරදක් දුටු විට දඩයක් ලියන පොලිස් කාරයෙක් බවට පත් නොවී මාර්ගයේ ගමන් කරන සියලු දෙනාගේ මිතුරකු, සහෝදරයකු, සහෝදරියක බවට පත්වී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි රථවාහන නීතියත්, ආචාරධර්ම ඔවුන් අතරට ගෙන යා යුතුයි. එවිට අපිට හැකිවනවා මේ මාරක අනතුරු සංඛ්‍යාව අවම කරගැනීම. මේ රටේ සිදුවන මාරක අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ බීමත්කම, අධික වේගය, මාර්ග නීති කඩ කිරීම වැනි හේතූන් නිසා. මේවා නවත්වන්න පොලිස් නිලධාරීන් හැටියට අපි ඉතා සංයමයකින් කටයුතු කළ යුතුයි. “

නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාලිය ද සිල්වා, ගාල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. 



අදහස් (0)

දඩ කොලෙන් මඟ මරුවා පන්නන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site