බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වෙනුවෙන් රුහුණු ප්‍රදේශයේ පැවැත්වෙන පැරණිතම සංස්කෘතික මංග්‍යය වන දික්වැල්ල දීඝවාලූකාරාම රාජ මහා විහාරස්ථාන 179 වැනි වාර්ෂික වෙසක් පෙරහර මැයි 22 වැනි දා දහවල් දික්වැල්ල නරගයේ වීදී සංචාරය කිරීමට නියමිතය.
පෙරහැරට සමගාමීව 18 වැනි දා වරු පිරිත් දේශන පිංකමක්, 19 වැනි දා සිට 21 වැනි දා දක්වා ශිල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ.
සප්ත මහා විහාරාධිපති, මාතර පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, මාතර විද්‍යාතිලක මහ පිරිවෙණේ කෘත්‍යාධිකාරී, ජනමාධ්‍යවේදී සීනිපැල්ලේ රතනවංශාභිධාන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහැර සහ පිංකම් මාලාව පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd