(නිමල් ලන්දගේ)
දික්වැල්ල කෝට්ටගොඩ සුදුවැල්ල ප්‍රදේශයේ දී අද(10) රාත්‍රී තිස් පස් හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර ඇති බව දික්වැල්ල පොලිසිය කියයි.
මීට මාසයකට පමණ පෙරදී පවත්වන ලද පෙරහරකදී ඇතිවූ ගැටුමක් මුල්කරගෙන පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් විමසීමට මෙම කාන්තාව ඇතුළු කාන්තාවන් කිහිපදෙනකු ගිය අවස්ථාවේදී අලවංගුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දික්වැල්ල පොලිසිය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd