IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණේ බස් රථ ආයෝජකයන්ගේ සංගමය 18 දා වැඩවැරුමකට සැරසෙයි

(එම්.සුසිල් ප්‍රියන්ත)
                 
සිය ඉල්ලීම් 6කට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් ජනවාරි මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මහා වැඩ වර්ජනයකට යන බව දකුණු පළාත් මගී ප්‍රවාහන බස් රථ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ජී.චන්දන ද සොයිසා මහතා අද (14 ) පැවසීය.
 
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් කොස්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී සොයිසා මහතා එසේ කීවේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ චන්දන ද සොයිසා මහතා මෙසේද කීවේය.
            
"කොරෝනා ව්‍යසනයෙන් අපේ කර්මාන්තය කඩා වැටුණා. අපේ බස් රථ දුවන්නේ නැතිව එක තැනම සිටියා. ආදායමක් නැතිව එක තැන තිබෙන බස් රථ අලුත්වැඩියා කිරීම අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා. ඒ සඳහා 4%ක සහන පොලියට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. ඒක නිසි ආකාරයට වුණේ නැහැ. අපේ පළමු ඉල්ලීම එය ලබාදෙන ලෙසයි.
 
තව හය මාසික ලීසිං වාරික සහනයක් අපිට ඕන.ඒ ලීසිං වාරික සහනය ඕන 11.5%ක පොලියට නෙමෙයි 4% පොලියටයි. ඒක අපේ දෙවැනි ඉල්ලීමයි.දකුණු පලාතේ මගී ප්‍රවාහන සේවකයින්ට ලබාදුන් රජයේ රුපියල් 5000 අනෙක් පලාත්වල සේවකයින්ට ලබා දෙන ලෙස ඉල්ලීම තුන්වැන්නයි.
 
බස් මගීන් සදහා විද්‍යුත් කාඩ්පතක් ලබාදීම හතර වැනි ඉල්ලීම වෙනවා.මේ ඉල්ලීම අපි කාලයක් තිස්සේ සිටම කරන එකක්. මගී ප්‍රවාහනය සදහා දැනට තිබෙන පෞදගලික මගී ප්‍රවාහන ආයතන මෙන්ම ඒවෙනුවෙන් ඇති රජයේ ආයතන ඉවත්කොට එකම ආයතනයක් යටතට මේ සේවාව ලබා දෙන ලෙස ඉල්ලීම පස්වැනි ඉල්ලීමයි.
  
මේ ඉල්ලීම්වලින් අවසාන එක වගේම හය වැනි ඉල්ලීම ලෙස අපි ඉල්ලන්නේ ප්‍රවාහනය සදහා පත්කර සිටින ඒ ගැන දැනුමක් නැති ප්‍රවාහන කැබිනට් ඇමතිවරයයි රාජ්‍ය ඇමතිවරයයි වහාම ඉවත් කරලා ඒ වෙනුවට ක්ෂේත්‍රය ගැන දන්න ඇමතිවරු දෙන්නෙක් පත් කරන්න කියලා. මේ ඇමතිවරු දෙන්නා අපි දකින්නේ වැඩ බැරි ටාසන්ලා කියලා. තවම මේ ඇමැතිවරු දෙන්නා ලංකාවේ මගී ප්‍රවාහනය දියුණු කරන්න එක වචනයක් කතා කරලා නැහැ. අපේ සංගම් එක්ක තවම කිසිම සාකච්ඡාව්කට ඇවිල්ලා නැහැ.
මේ ආණ්ඩුව පත්කර ගැනීමට අපිත් දරදිය ඇද්දා. දැන් ආණ්ඩුව යන ගමන ගැන අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. අය වැය ඉදිරිපත් කලා මගී ප්‍රවාහනය වෙනුවෙන් මොනවද එහි තිබුනේ .කිසිම දෙයක් නැහැ. අපේ ඉල්ලීම් කඩිනමින් ලබා නොදුනහොත් අනිවාර්‍යයෙන්ම 18 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට යනවා. එහිදී මගීන්ට විදින්නට සිදුවෙන අපහසුතා හා පීඩනය ගැන සංගමයක් විදිහට අපි කනගාටුවෙනවා" යැයිද කීය.



අදහස් (0)

දකුණේ බස් රථ ආයෝජකයන්ගේ සංගමය 18 දා වැඩවැරුමකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 676 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site