(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතේ තොරාගත් පාසල් 10ක දරුවන්1500ක් සදහා දියර කිරි විදුරුවක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
දකුණු පළාතේ සිසු දරුවන් 150ක් පමණ සිටින ඉතා දුෂ්කර පාසල් 10ක් මෙම නියමු ව්‍යාපෘතිය සඳහා තොරාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 5ක් මාතර දිස්ත්‍රික්කයේ පාසල් 4ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් පාසලක් මේ සඳහා තොරාගෙන ඇත.
පාසල් දරුවන් අතර දියරි කිරි පාරිභෝජනය ජනප්‍රිය කරවීම හා දැනුවත් කිරීම, දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානය ලබා ගැනීම මෙන්ම කිරිගොවියා ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේඛ පළාත් අධ්‍යක්ෂක වෛද්‍ය කේ. සුනිල් මහතා පවසයි.
අදාළ පාසල්වල ආසන්නයේ සිටින කිරි ගොවින්ගෙන් දියර කිරි ලබාගෙන එම කිරි පරීක්ෂා කර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ අධීක්ෂණය යටතේ දියර කිරි පාසල් දරුවන්ට ලබාදෙන බවද, වෛද්‍ය කේ. සුනිල් මහතා පවසයි.
එක් පාසල් දරුවෙකුට දිනකට දියර කිරි මිලිලීටර් 150ක කිරි විදුරුවක් ලබාදෙන අතර කිරි ගොවීන් සඳහා දියර කිරි ලීටරයකට රුපියල් 125ක මුදලක් එම දෙපාර්තමේන්තුව ලබා දෙයි.
මැයි මාසයේ සිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ලබන වර්ෂයේ සිටි මේ සහා වෙන්කරන ප්‍රතිපාදන වැඩිකිරීමට ද සැලසුම්කර ඇති බවද හෙතෙම පවසයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණේ තෝරාගත් පාසල් 10ක සිසුන්ට කිරි වීදුරුවක්