(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු සැකපිට අද(18) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
කොටියාගල වතුයායේ තේ වත්ත මැද තේ ගස් ගලවා, විශාල වලවල් හාරා මෙම ජාවාරම්කරුවන් පිරිස මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය විසින් වැටලීමක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ එම වතුයායේම පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd