මහින්ද නිශ්ශංක
පානදුර වලාන ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩාවක තිබී තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ 5000 ක තොගයක් අද (15) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව සිදුකරන ලද වැටලීමේ දී අත්අඩංගුවට ගනු ලැබූ ආහාර දවටන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ.
මේ සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබු එම පොලිතින් නිෂ්පාදන ආයතනයේ හිමිකරු බැඳුම්කරයක් මත මුදාහැර ඇති අතර ලබන 21 වැනි දා ඔහුට විරුද්ධව පානදුර අධිකරණයේ නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd