(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුජා නගරයට පානීය ජලය සපයන තිසාවැවේ වැව් රක්ෂිතය පිරිසක් විසින් අත්පත් කර ගෙන සිදුකර ඇති අනවසර ඉදිකිරිම් හේතුවෙන් මහත් පරිසර හානියක් සිදුව ඇති බව අනුරාධපුර නැගෙනහිර ගම් පළාත් ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී ජේ.ඒ.ජි.හේමචන්ද්‍ර ජයකොඩි මහතා සඳහන් කරයි.
පුජා නගරයේ ජිවත් වන පවුල් 8000කට අධික පිරිසකට පානීය ජලය සපයන්නේ තිසාවැවෙනි. අනුරාධපුර පුජා භුමිය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් තිසාවැවෙන් දිය නෑමේ හේතුවෙන් ජලය අපිරිසිදු වන බවට පසුගිය කාලයේ එල්ල වු චෝදනා හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නඩුමඟට ද ගොස් තිබිණි.
වන්දනාකරුවන් තිසාවැවෙන් දියනෑම නිසා මළපහ සහ වෙනත් අපද්‍රව්‍ය එක්වී ජලය දුෂණය වීම යනාදි කරුණු හේතුවෙන් වැවේ දිය නෑම මේවන විටද තහනම් කර ඇත.
එහෙත් තිසාවැවේ වැව් රක්ෂිතයේ මේ වන විට සමහර පුද්ගලයන් අනවසරයෙන් ඉදිකර ඇති නිවාස සහ වැසිකිලි වලින් පිටවන සියලු අප ද්‍රව්‍ය වැවට මුසුවන බව එහි නිරක්ෂණයක යෙදුණු අපටද දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමචන්ද්‍ර ජයකොඩි මහතා මෙසේද පැවසීය. තිසාවැව් රක්ෂිතයේ මේවන විට විශාල වශයෙන් අනවසර ඉදිකිරිම් කර තිබෙනවා. වැව් රක්ෂිතය ආසන්නයේම ඉදිකර ඇති වැසිකිලි කැසිකිලි වලින් සියලු අපද්‍රව්‍යය තිසාවැවේ ජලයට මුසු වෙනවා.
මේ සම්බන්ධයෙන් අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් දැනුවත් කර තිබෙනවා.එහෙත් මේවන තුරුත් ඔවුන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා.
මේ ආකාරයට මේ දෙස නිහඩව බලා සිටියොත් තවත් කෙටි කාලයකින් තිසාවැවත් ගොඩකර ඒ මත නිවාස වුවද ඉදිකරනු ඇතැයි ඒ මහතා පැවසිය.
මේ සම්බන්ධයෙන් අප වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර වාරිමාර්ග ඉංජනේරු කොටවිල ආරච්චි මහතා ගෙන් කළ විමසුමේදී පැවසුවේ තිසාවැවේ අනවසරයෙන් ඉදිකිරිම් කරනු ලැබු ස්ථාන දෙකකට විරුද්ධව මේවන විටත් අධිකරණයේ නඩු පවරා ඇති බවයි.
තිසාවැව වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරිම් රැසක් හඳුනා ගෙන ඇති බව පැවසු වාරිමාර්ග ඉංජිනේරුවරයා මේ සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගයකට යන බවද පැවසිය. නඩු කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් මෙම අනවසරකරුවන් ඉවත් කිරිම දුෂ්කර වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.



2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තිසා වැවේ අනවසර ඉදිකිරිමෙන් පරිසර හානියක්