(කවිතා සුබසිංහ)
රියදුරු බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික රිය පැදවීමේ අවසර පත්‍ර අඩංගු ලේඛනයක් සොරකම් කිරීම,සොර බඩු ලඟ තබා ගැනීම හා එසේ ලබා ගත් ලේඛනයක් කූඨ ලෙස සකස් කර සැබෑ ලේඛනයක් ලෙස භාවිතා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර මහේස්ත්‍රාත් පී.එම් අමරසේන මහතා අද (03) නියම කළේය.
පෑලියගොඩ රථ වාහන ඒකකය විසින් ඉකුත් 02 වැනිදා යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු මාකොළ ප්‍රදේශයේ දී පරික්ෂා කිරීමේ දී ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි සිතෙන තාවකාලික රියදුරු බලපත්‍රයක් යතුරුපැදිකරු සන්තකයේ තිබී සොයා ගෙන පසුව එම සැකකරු සපුගස්කන්ද පොලිසිය වෙත භාරදී තිබේ.
යතුරු පැදිකරුකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත එම ලේඛනය අලෙවි කළ බව කියන නුවන් තුෂාර නැමත්තා අත්අඩංගුවට ගෙන පසුව ඔහුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ කිරිබත්ගොඩ රෝහල වෙත නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුලත් කළ බව සපුගස්කන්ද පොලිසිය විසින් අධිකරණයේ දී සඳහන් කළේය.
අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් කිරිබත්ගොඩ රෝහල වෙත ගොස් පරීක්ෂා කර නුවන් තුෂාර නැමත්තා රිමාන්ඩ් ගත කර බන්ධනාගාර ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට නියෝග නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාවකාලික රිය පැදවීමේ අවසර පත්‍ර කූඨ ලෙස සකස් කළ දෙදෙනකු රිමාන්ඩ්