(ඩී ජි සුගතපාල / සුමතිපාල දියගහගේ)
ගාල්ල පොලිස් වසමේ තලාපිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය සහ රණවිරු ඇපරල් ආයතනය එක්ව විමර්ෂණයක් ආරම්භ කර තිබේ.
ඉකුත් 5 වැනි සහ 6 වැනි දා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමකදී තලාපිටියේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ මෙම නිල ඇඳුම් සහ නිල ඇඳුම් කොටස් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒවා අතර, යුද හමුදා කමිස කලිසම්, කොට කලිසම්, සම්පුර්ණ නිලඇදුම් කට්ටල, හමුදා ටී ෂර්ට්, හමුදා කැප් පැති අවි රැඳවුම් බඳපටි, ලෙන් යාඩ් විශාල ප්‍රමණයක් තිබී සොයා ගනු ලැබ ඇත.
ඒවායේ රණවිරු ලංඡනය සහ රණවිරු ඇපරල් ලේබලය තිබූ අතර, පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ රණවිරු ඇපරල් ආයතනයේ නිෂ්පාදන කරන ලද ඒවා බවයි. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, මාධ්‍ය මගින් අනාවරණයවීමෙන් පසු යුද හමුදා පොලිසිය සහ රණවිරු ඇපරල් ආයතනය පැමිණ මෙම විමර්ෂණය ආරම්භ කර ඇත.
මෙම නිල ඇදුම් සැකකරුට ලැබුණේ කෙසේ ද , ඒවා ඔහු විසින් වෙනත් පාර්ශවයන්ට ලබා දි තිබේ ද, කුමණ අරමුණක් සඳහා සැකකරු මෙම නිල ඇඳුම් සඟවා තබාගන සිටියේ ද රණවිරු ඇපරල් ආයතනයේ සෙවකයන් විසින් ඔහුට මේවා ගෙනවිත් දී තිබේද, සැකකරු සමග සම්බන්ධතා පැවත්වූ වෙනත් පිරිස් කවුරුන්ද යන්න ආදිය පිළීබඳව විමර්ෂණය කරන බව ගාල්ල පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තලාපිටිය නිවසින් අත්අඩංගුවට ගත් හමුදා ඇඳුම් ගැන විමර්ශනයක්