IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත්‍රිරෝද රථ සොරකම් කර විකිණූ 3ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මහමග නතර කර තිබෙන ත්‍රිරෝද රථ සොරාගෙන ඒවා ව්‍යාජ අයුරින් වෙනස් කර විකිණීමේ සංවිධානාත්මක ජාවාරමක නිරත වූ ටෙලිනාට්‍ය නළුවකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රුපියල් කෝටියකට අධික ත්‍රිරෝද රථ සමග අද(16) අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ ඒකකය පවසයි.
 
එසේ සොරාගත් ත්‍රිරෝද රථ 13ක් පොලිසිය සොයාගෙන ඇත.
 
මීට වසරක පමණ පෙර සිට මහරගම, බදුරලිය, පිළියන්දල, පානදුර, හොරණ, කැස්බෑව හා බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලින් මෙම ත්‍රිරෝද රථ සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
 
විවිධ ත්‍රි රෝද රථවල ලියාපදිංචි සහතික විවිධ පුද්ගලයන්ගෙන් ඉතා අඩු මිලට ලබාගෙන ඒවායේ චැසි අංක සහ එංජින් අංක සොරාගත් රථවල අංකවලට යොදා වර්ගයද වෙනස් කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ත්‍රිරෝද රථ සොරකම් කර විකිණූ 3ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site