IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල

(රංජිත් රාජපක්ෂ)
 
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පොලිසිය ඉදිරිපිටදී අද(25) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයත් එකිනෙක ගැටී වූ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි.
 
නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රි‍රෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව,  හැටන් සිට මස්කෙලිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
 
ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා, පිටුපස අසුනේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
 
ත්‍රිරෝද රථයේ රියදුරා බීමත්ව සිටි බවට කරුණු හෙළි වී ඇතැයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය වැඩිදුරටක් කියාසිටී.


 



අදහස් (0)

ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site