IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රි’මලේ කමිටු රැස්වීම උණුසුම් වෙයි

(අමදෝරු අමරජීව)

අද (10)  පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී  දිස්ත්‍රික්කයේ ඉඩම් විමසනවිටදී  දිස්ත්‍රික්කයේ  ඉඩම් සංවර්ධනය කරන මුවාවෙන් ඇමෙරිකානු කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරිමේ සූදානමක් පවතින බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟ  සභාව උණුසුම් විය.

සුසන්ත පුංචිනිලමේ මහතාගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දැක්වූ මෑතකදී මුස්ලිම් ඇමැතිවරුන් සමඟ ඉල්ලා අස්වු  හිටපු නියෝජ්‍ය ඇමැති අබ්දුල්ලා මහරුප් මහතා එය විමල් වීරවංශගේ ප්‍රකාශයක් බවත්  ඒවා මෙතනට අදාළ නැති බවත් කීය.

ඉන්පසු නැගී සිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක,  ගෝමරන්කඩවල  ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන  විජිත කුමාර යන මහත්වරු පුවත්පතක පළ වූ බව කියන  ඇමෙරිකාවට ඉඩම් දීමේ සැලසුම ප්‍රවෘත්තිය පෙන්වමින්  හිටපු නියෝජ්‍ය අමාත්‍යාවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූහ.

විරෝධතා මාධ්‍යයේ  අදහස් දැක්වු  හිටපු නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල්ලා මහරුප්  මහතා පැවසුවේ  තවම ඉඩම් සිංගප්පුර් සමාගමට ලබාදී නැති බවත්  ප්‍රදේශයේ ජනතාවට මේ තුළින් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක්  සැපයෙන බවත් විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ මෙතනට අදාළ නැති බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ  මහතා මෙහිදි විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ තමන් පිළිනොගන්නා  බව කීය.

මෙම රැස්වීම සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර්.සම්බන්ධන්, අබ්දුල්ලා මහරුප් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 



අදහස් (0)

ත්‍රි’මලේ කමිටු රැස්වීම උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site