(ඉන්දික අරුණ කුමාර)
වාහනයක යතුරක් බලහත්කාරයෙන් ගලවා ගැනීමක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක ප‍්‍රතිඵලයක් ලෙස නාඋල - හබරගහමඩ ප‍්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇතැයි නාඋල පොලිසිය කියයි.
තුවාලකරුවන් නාලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවු පුද්ගලයකු මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.
ඔහුගේ උදරය හා බෙල්ල ප‍්‍රදේශයේ බරපතල කැපුම් තුවාල පවතින බව සිදුකළ මුලික පරීක්ෂණවලදී පොලිසිය හෙළි කරගෙන තිබේ.
සැකකරුවෝ වයස අවුරුදු 18 - 20 -25 වයස්වල පසුවන්නෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd