IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තරුණියකට තර්ජනය කර මුදල් ලබාගත් තරුණයා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල්.එස්. තන්ත්‍රිආරච්චි)
 
තර්ජනය කර බියගන්වා වරින්වර තරුණියකගෙන් මුදල් ලබාගත් තරුණයෙකු කළුතර නගරසභාව අසළදී අද(19) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
සැකකරු පානදුර වත්තල්පොළ පදිංචි 25 හැවිරිදි තරුණයකි.
 
සැකකරු සතුව තිබී ජංගම දුරකථන දෙකක්, සිම්පත් දෙකක්, විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමේ රිසිට්පත් 8ක් සහ  බැංකු රිසිට්පත් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
 
පයාගල මග්ගොන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියව මීට මාස කිහිපයකට ඉහතදී වට්ස්ඇප් සමාජමාධ්‍ය හරහා මෙම තරුණයා හඳුනාගෙන සබඳතාවක් පවත්වා ඇති අතර පසුව එය නවත්වා ඇත.
 
සැකකරු ඇගෙන් අවස්ථා ගණනාවකදී තර්ජනය කර රුපියල් 5,000 සහ 10,000 බැගින් මුදල් ඉල්ලා ඇති අතර ඇය සැකකරුට වරින්වර එම මුදල් ලබාදී ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
 
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

තරුණියකට තර්ජනය කර මුදල් ලබාගත් තරුණයා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site