(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ සිට ඩයගම දක්වා තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු ඇතුළු සිව්දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා අද(05) ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ලිදුල පොලිසිය කියයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා ඔවුන් නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යැවු බව ලිදුල පොලිසිය පවසයි.
තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල බෙයාර්විල් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
ටොන් 15 ක පමණ තිරිඟු පිටි මෙම කන්ටේනරයේ ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය කියයි.
කන්ටෙයිනර් රථය පාලනය කරගැනීමට නොහැකිව වංගුවක් ගැනීමේදි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇත.
කන්ටෙයිනර් රථයේ රියදුරු, රිය සහයකයා, තිරිඟු පිටි අලෙවි කරන ඒජන්සියේ නිලධාරියෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ලිදුල පොලිසිය කියා සිටියි.
අනතුරට පත් ලොරි රථයේ තිබෙන තිරිගු පිටි ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර අනතුරෙන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.




2025 දෙසැම්බර් මස 18
621
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිරිඟු පිටි කන්ටේනරයක් පෙරැළී 5කට තුවාල