
(කුෂාන් ජයවර්ධන)
තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පහළ තලාව විද්‍යාලය ඉදිරිපිටදී මව්පියෝ පිරිසක් අද(25) විරෝධතාවයක නිරත වෙති.
පහළතලාව විද්‍යාලයේ සේවයට පැමිණෙන ගුරුවරු කෙටිකලකින් ස්ථාන මාරු ලබා දී පිටත් කර යැවීම සම්බන්ධයෙන් මෙන්ම එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාටත් තවත් ගුරුවරයකුටත් විරෝධය දැක්වීම යනාදී කාරනා තුනක් මුල්කරගනිමින් මව්පියෝ විරෝධතාවයේ නිරත වෙති.
විරෝධතාකරුවෝ පවසාසිටියේ එම විද්‍යාලයේ රාජකාරි සඳහා පැමිණෙන ඇතැම් ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දී පිටත්කර හැරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි. පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වසර 18ක් එම පාසැලේම සේවයේ නියුතු බවත් ඔහුගේ ක්‍රියාකලාපයන් අනුමත කළ නොහැකි බවත් එසේම ප්‍රාථමික අංශ ගුරුවරයකුගේ විනය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් පවතින බවත් විරෝධතාකරුවෝ පවසති.
පහළතලාව පාසැලේ පවතින මෙම ගැටලු සඳහා අධ්‍යාපන බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවට ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කිසිදු වගකිව යුතු අධ්‍යාපන බලධාරීයෙක් දහවල්වන තෙක් එම ස්ථානයට නොපැමිණියේය.


2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තඹුත්තේගම විදුහලක් ඉදිරිපිට විරෝධතාවයක්