IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තංගල්ල රෝහල් කනිටු වර්ජනයෙන් ඖෂධ නිකුත් කිරීමේ ප්‍රමාදයක්

(අනීෂා මානගේ)

තංගල්ල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ  මතුව  ඇති  ගැටළුවක් හේතුවෙන් රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේ කවුළු කිහිපයක් අද (04) වසා දැමීමෙන්  රෝගීන් විශාල ප්‍රමාණයක් අසීරුතාවයට පත්ව තිබේ.  

තංගල්ල මූලික රෝහලේ ඖෂධ නිකුත් කිරීම සදහා බාහිර රෝගී අංශයට කවුළු දෙකක්ද සායන අංශයට කවුළු තුනක්ද කාර්යය මණ්ඩලය සදහා කවුළුවක්ද වෙන්කර තිබේ.

අද උදෑසන සිට මෙහි කවුළු දෙකක් පමණක් විවෘත කර තැබීම නිසා ප්‍රතිකාර ලබාගැනීමට හා ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි රෝගීන් බොහෝ පිරිසක් අසීරුතාවයට පත්ව සිටිනු දක්නට හැකිවිය. මේ හේතුවෙන් රොගීන් අතර විශාල තදබදයක්ද දක්නට ලැබිණි. 

මේ පිළිබඳව තංගල්ල මූලික රෝහලේ පරිපාලන නිළධාරි සී.එන්.ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ දැනට තංගල්ල මූලික රෝහලට කණිෂ්ඨ කාර්යය මණ්ඩලය 120ක් අවශ්‍යව ඇතත් දැනට සිටින්නේ සියයක ප්‍රමාණයක් බවයි. 

ඉන් පස් දෙනෙකු විවිධ රෝග වලට ගොදුරු වී ඇති අතර දිනකට දිවා රාත්‍රී රාජකාරියේ යෙදවීමට ඇත්තේ 80ක් පමණ පිරිසක් බවත්ය.

මෙසේ තිබියදී ඖෂධ නිකුත් කිරීමේ යෙදී සිටි කණිෂ්ඨ සේවකයකු අභ්‍යන්තර ස්ථාන මාරුවක් සිදුකිරීම නිසා උරණ වූ කාර්යය මණ්ඩලය මෙලෙස ඖෂධ නිකුත් කිරීමෙන් වැළැකී සිටින බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (0)

තංගල්ල රෝහල් කනිටු වර්ජනයෙන් ඖෂධ නිකුත් කිරීමේ ප්‍රමාදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site