IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තංගල්ල නගරසබේ හිටපු සභාපතිවරයෙක් ලක්ෂ 6ක ආයුධ කට්ටලයක් වංචාකරලා

(අනීෂා මානගේ)
 
කලක පටන් තංගල්ල නගරසභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ රුපියල් හය ලක්ෂ හැටනවදහසක් වටිනා ආයුධ කට්ටලයක් අතුරුදන්වීමට චෝදනා ලැබූ හිටපු සභාපතිවරයකු මේ වනතෙක් එම උපකරණ නැවත නීත්‍යනුකූලව බාර දී නැතැයි එහි සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා පවසයි. 
 
සුනාමි ව්‍යවසයෙන් පසුව තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට ජර්මනියෙන් ආධාර ලෙස හිමි වූ ආයුධ කට්ටලයක් මෙලෙස හිටපු සභාපතිවරයකු විසින් වංචා කර ඇතැයි සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා කියයි.
 
මෙම ආයුධ කට්ටලය අතුරුදන්වීම සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ හිටපු ලේකම්වරයා විසින් 2015 වර්ෂයේදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි විමර්ශන කටයුතු කෙරෙමින් තිබියදී චෝදනාවට ලක්වූ හිටපු සභාපතිවරයා යළි එම ආයුධ කට්ටලය ලබා දෙන බවට පොරොන්දු වී ආයුධ කට්ටලයක් තංගල්ල නගරසභාවට ලබා දී ඇත. 
 
එලෙස ලබා දුන් ආයුධ කට්ටලයේ වටිනාකම අඩුවීම හේතුවෙන් සහ ඇතැම් ආයුධ අඩුවීම හේතුවෙන් පරීක්ෂණ කළ විමර්ශන නිලධාරීන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එම ආයුධ කට්ටලය ප්‍රතික්ෂේප කර තිබිණි. තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිද්දී හිටපු සභාපතිවරයා මුල් ආයුධ කට්ටලය තමන් සතු යැයි පවසා එය අද(18) තංගල්ල නගරසභාවට ගෙනැවිත් බාර දීමට පොරොන්දු වී තිබිණි. ඒ අනුව යළිත් ආයුධ කට්ටලයක් ත්‍රිරෝද රථයක පටවා තංගල්ල නගරසභාවට එවා තිබිණි. හිටපු සභාපතිවරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතවරයකු මාර්ගයෙන් එම ආයුධ කට්ටලය නොඑවීම හේතුවෙන් වර්තමාන සභාපතිවරයා සහ විමර්ශන නිලධාරීහු යළිත් එය ප්‍රතික්ෂේප කර හරවා යැවීමට කටයුතු කළහ. 
 
අප මේ සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි (එක්සත් ජාතික පක්ෂය) මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසූයේය. 

“තංගල්ල නගරසභාවේ හිටපු සභාපතිවරයකු විසින් බලහත්කාරයෙන් කිසිදු අනුමැතියකින් තොරව නගරසභාවේ ගිනිනිවීම් ඒකකයට සුනාමි ව්‍යවසයෙන් පසුව ජර්මනියෙන් ආධාර ලෙස ලැබුණු ආයුධ උපකරණ කට්ටලයක් රැගෙන ගොස් තිබුණා. 
 
මම දිගින් දිගටම මෙය ලබා දෙන ලෙස ඉල්ලිම් කළා. මම සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ලේකම්වරයා විසිනුත් මේ බව ඔහුට දන්වා තිබුණා. පසුගිය වසරේදී ආයුධ කට්ටලය ලබා දුන් පසු හම්බන්තොට දිස්ත්‍රීක් සහකාර කොමසාරිස්වරයා, විමර්ශන නිලධාරීන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබුණා. ජර්මනියෙන් ලද ආයුධ කට්ටලය වෙනුවට වටිනාකමින් අඩු ආයුධ කට්ටලයක් ලබා දුන් නිසයි එය ප්‍රතික්ෂේප කර තිබුණේ. එහි ආයුධ ප්‍රමාණයත් අඩුවයි තිබී ඇත්තේ. මේ හේතුව නිසා නීත්‍යානූකූලව කටයුතු කරද්දී නැවත වසරකට පමණ පසුවයි මෙම ආයුධ කට්ටලය ලබා දෙන බව පැවසුවේ.  කිසිදු නියෝජිතයෙක් නොමැතිව එම උපකරණ කට්ටලය ගෙනත් දුන්නා. මෙය නැවතත් විමර්ශන නිලධාරීන් සහ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළා. මේ පමණක් නෙවෙයි අපේ නගරසභාව සතු වෙනත් උපකරණත් කිසිදු අනුමැතියකින් තොරව රැගෙන ගොස් තිබුණා. 
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මම අදාල බලධාරීන්ට යොමු කළා. ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා” යැයි සභාපතිවරයා පැවසුවේය.



අදහස් (0)

තංගල්ල නගරසබේ හිටපු සභාපතිවරයෙක් ලක්ෂ 6ක ආයුධ කට්ටලයක් වංචාකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site