(රංජිත් රාජපක්ෂ)
හොර්ටන්තැන්න රක්ෂිතයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොත්මලාඔය පිටාර ගැලීමෙන් ආගරපතන ඩයගම නැගෙනහිර කොටසේ වතු නිවාස රැසක් අද (22) ජලයෙන් යට වී ඇති බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.
හොර්ටන්තැන්න ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඊට පහළින් පිහිටි ඩයගම නැගෙනහිර කොටසේ කොත්මලාඔය අසල පිහිටි වතු නිවාස 10 ක් ජලයෙන් යට වී ඇති බව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කීය.
වතු නිවාසවලට කාන්දු වූ ජලය මේ වන විට බැස ගොස් ඇති බවද සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd