(ප්‍රසාද් රුක්මල්)
මහියංගන - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේ දී ගොයම් කපාගෙන යමින් තිබූ ට්‍රැක්ටරයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිය පැදවූ පෙදරේරුවකු මියගිය බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ට ජයන්තිපුර හොබරියාව ප්‍රදේශයේ පදිංචි ඩබ්. එම්. නිශාන්ත (32) යන අය වේ.
දෙහිඅත්තකණ්ඩිය සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබියදී පිටුපසින් පැමිණි යතුරුපැදිය ට්‍රැක්ටරයේ ගැටී අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාදුරුකෝට්ට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd