IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ටියුෂන් පන්තියේ වහළය කඩා වැටී සිසුන් හතකට තුවාල

(අනීෂා මානගේ)
 
බෙලිඅත්ත නගරයේ පිහිටා තිබූ උපකාරක පන්තියක වහලය  අද(08) උදෑසන කඩා වැටීම නිසා එම පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යාවන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව බෙලිඅත්ත පොලිසිය කියයි.
 
තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු පහලොව හා දහසය වයසේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්දෙනෙකි. 
 
බෙලිඅත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් ඇත. ප්‍රදේශයට ඇදහැලුණු වර්ශාව හා ඇතිවී තිබූ සුළං තත්වයත් සමග ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී තිබේ. වහලය කඩා වැටෙන අවස්ථාව වන විට උපකාරක පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්සිය පනහක පමණ පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිට තිබේ. 
 
තුවාල ලැබූ එක් සිසුවෙකු තංගල්ල මූලික රෝහලටත් අනිත් හය දෙනා බෙලිඅත්ත දිස්ත්‍රීක් රෝහලටත් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත. 
 
 
වහලය කඩා වැටුණු ගොඩනැගිල්ල අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් වන අතර එය නිසි ප්‍රමිතියකට අනුව ඉදිනොකිරීම නිසා මෙසේ කඩාවැටීමට ලක්ව ඇත්දැයි සොයා බලන බව පොලිසිය කියයි.  ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි කොටස් අසල පිහිටි වෙළදසැල් මතට පතිත වීමෙන් එම වෙළදසැල් වලටද හානි සිදුව තිබේ. 



අදහස් (1)

ටියුෂන් පන්තියේ වහළය කඩා වැටී සිසුන් හතකට තුවාල

maheshika Sunday, 08 July 2018 02:20 PM

සූරාකෑමේ උපරිමය. 700 කට එකපාර උගන්වන්න මෙතුමා මැජික් කාරයෙක්ද? අනික අනාරක්ෂිත උඩ තට්ටුවක.. මෙතරම් ළමයි සංඛ්‍යාවක්. මෙවැනි මෙගා ක්ලාස් වටලා දරුවන්න් මෙතරම් ප්‍රමාණයකට උගන්වන හැටි පරික්ෂ කල යුතුය. තුවාල ලැබූ දරුවන්ට ඉක්මන් සුවය පතමි.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 220 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site