IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

(රංජිත් රාජපක්ෂ)                                                                   

ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ ගිනිගත්හේන පිටවල පල්ලේවත්තේ පදිංචිව අනුෂ දිල්ෂාන් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

ගිනිගත්හේන රංජුරාව හත්ලාන ප්‍රදේශයේ සිට පිටවල දක්වා ධාවනය වූ යතුරුපැදිය සහ ගිනිගත්හෙනේ සිට හත්ලාන දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි ගිනිගත්හේන පොලිසිය කීය.

බැවුම් සහිත ප්‍රදේශයක ධාවනය වෙමින් තිබූ ටිපර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ  යතුරුපැදියේ ගැටි යතුරුපැදිය අඩි කිහිපයක් ඉදිරියට ඇදි ගොස් ඇති බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසින් එක්ව යතුරුපැදිකරු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත් වී ඇති බවත් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.

යතුරුපැදිකරුගේ සහ ටිපර් රථ රියදුරාගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුර හේතුව බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

 



අදහස් (0)

ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site