(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වර්ෂාව සමඟ ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟක් හේතුවෙන් විරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කුරුණැගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අරුණ විරාජ් දිසානායක මහතා පවසයි.
අද (15) ඇතිවූ ටොනාඩෝ සුළි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස වල වහලවල් සුළගට ගසාගෙන ගොස් තිබූ අතර ඒ සමඟම දැවැන්ත ගස් නිවෙස් මතට කඩා වැටී නිවාස වලට දැඩි හානි සිදුව තිබූ බව සහකාර අධ්‍යක්ෂ වරයා පැවැසීය.
අධ්‍යක්ෂවරයා පවසා සිටියේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් දැවැන්ත ගස් කඩා වැටීමේන් මාර්ග සම්පුර්ණයෙන් වැසි තිබූ අතර විදුලියද සම්පුර්ණයෙන් ඇණහිට තිබූ බවයි.
ආපදා හේතුවෙන් හානි සිදුවූ නිවාස නැවත සැකසීමට හා අවහිර වූ මාර්ග නැවත යථා තත්ත්වයට පත් කිරීමට යූද හමුදාව දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ අතර තවත් විවිධ අංශ වල පිරිස් දායකත්වය දැක්වූ බව සහකාර අධ්‍යක්ෂ වරයා පැවැසීය.
මේ සඳහා යූද හමුදා භට පිරිස් 100 ආසන්න පිරිසක් එක්ව තිබූ අතර බටහිර ආරක්ෂක සේනා ආඥාපති එස්.ඩි.ටි. ලියනගේ සහ 14 වන සේනාංකාධිපති මේජ්ර් ජනරාල් ආර්.ඒ. නුගේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි පුත්තලම 143 බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි.දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් පලමුවන ශ්‍රී ලංකා ආරක්ෂක බළමුළුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළ මුළුවේ නිලධාරීන් සහ සෙසු නිලධාරීන් එක්වූහ.
ආපදාවන්ට ලක්වූ නිවාස හිමිකරුවන්ට හෙට (16) ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ සහභාගිත්වයෙන් රුපියල් 10000 බැගින් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය .





2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටොනාඩෝවකින් විරඹුගෙදර නිවාස 100ට හානි
amara Thursday, 16 August 2018 12:51 PM
බලන්න හමුදාවක අගේ