(දයාරත්න ඇඹෝගම)
 
ජීව අත් බෝම්බයක් සමඟ හිටපු හමුදා භටයකු යකල්ල ප්‍රදේශයේ නිවසකදී අද (31) අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා වි‍ශේෂ බළකායට අනුයුක්තව සේවය කරන ලද  29 හැවිරිදි හමුදා භටයෙකි.

මොරගොඩ පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව මෙම හමුදා භටයාගේ නිවස පරික්ෂා කිරිමේදී නිවස පසුපස වැසිකිළිය ආසන්නයේ ප්ලාස්ටික් බෝතලයක බහා දමා තිබූ ජීව අත්බෝම්බය සොයා ගත් බව පොලිසිය පවසයි.

මෙම හමුදා භටයා මෙම අත් බෝම්බය සඟවා තබාගන්නට ඇත්තේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.