(කාංචන කුමාර ආරියදාස)
කලා වැව් තාවුල්ලේ චණ්ඩියා ලෙස හැඳින්වෙන දීඝජන්තු දෙක නැමැති දල ඇතාගේ ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු අද (12) සමත්වූහ.
කලා වැව ඉස්මත්තේ නිරන්තරයෙන් සැරිසරන දීඝජන්තු දෙක නැමැති දල ඇතාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර ඉන් ඇතැගේ ඉදිරි පාදයට බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වනජීවී නිලධාරීහු පැවසූහ.
ඒ අනුව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරමින් ඇතාට ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබූහ.
කැකිරාව ඔලොම්බෙව ප්‍රදේශයෙන් ඔරු කිහිපයක නැගී වනජීවි කණ්ඩායම සහ පශු වෛද්‍යවරයා කිලෝමීටර් 2 ක පමණ දුරක් කලාවැවේ ගොස් මෙම ඇතා සිටින ඉසව්ව සොයා මෙහෙයුම දියත් කළහ.
වනජීවී නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැගත් ඔරු දෙකක් කලා වැව මැද පෙරළී යාමෙන් ගල්කිරියාගම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී කුෂාන් ජයවර්ධන මහතාගේ කැමරා ආම්පන්නවලටද දැඩි අලාභ හානි සිදුවී තිබේ.
ජීවිත අවදානමද නොතකා වනජීවී නිලධාරීන් දීඝජන්තු දෙක ඇතාගේ ඉදිරි පාදයේ පැවති තුවාලවලට ප්‍රතිකාර සිදුකළ අතර ඇතාට සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකිවු බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රජයේ නිලදරුවන් කරන සේවයට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.
මෙම රජයේ නිලදරුවන් කරන සේවයට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!