(ප්‍රින්ස් රත්නායක)
බලන්‌ගොඩ නගරයේ නිදැල්ලේ සැරිසැරූ සුනඛයන් සපා කෑමෙන් 20 කට අධික පිරිසක් ජලභීතිකා එන්නත් ප්‍රතිකාර ලබාගෙන ඇති බව බලන්‌ගොඩ රෝහල් ආරංචි පවසයි.
මේ සම්බන්ධව බලන්‌ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහාගෙන් විමසීමක් කළෙමු.
“බලන්‌ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ බානස්රත්වත්ත මාවත ආසන්නයේ පුද්ගලයින් 20කට අධීක පිරිසක් සපා කෑ සුනඛයෙක් අල්ලා කූඩු කරනු ලැබුවා. එම සතාගේ හැසිරීම සැකයි. මේ ඒක සිද්ධීයක්. බලන්‌ගොඩ දිගදුර හිල්බර්න් විද්‍යාලයට යන මාර්ගයේදීත් 21 වැනිදා 4 දෙනෙක් සුනඛයෙක් සපා කා තිබෙනවා. එහි වූ පිරිසක් සුනඛයාට ගසා මරා තිබෙනවා පසුව එම සුනඛයාගේ හිස කොළඹ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඊයේ (22) දින යොමු කරනු ලැබුවා. එදිනම රාත්‍රියේ අපිට දැනගන්නට ලැබුණා එම සුනඛයාට ජලභීතිකාව ඇති බවට තහවුරු කර ඇතිබව. මෙම ප්‍රදේශ තුළ අපි සුනඛයින්ට ජලභීතීකා එන්නත් කරපු ප්‍රදේශ. සිද්ධිවලින් සපා කෑ පුද්ගලයින්ට බෙහෙත් හා එන්නත් ලබාදී තිබෙනවා. බළංගොඩ ප්‍රදේශයට විශේෂ නිවේදන ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් බලංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධීකාරී ඉරේෂා පතිරගේ මහත්මිය සමඟ සාකච්ඡා කර තවදුරටත් අවශ්‍ය පියවර ගන්නවා යැයි පැවසීය.”
බළංගොඩ මූලික රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ.කොතලාවල මහතා සඳහන් කළේ එම සුනඛයන් ඇල්ලීමට කටයුතු කළ පිරිස් සහ තවත් සමීප වූ පුද්ගලයන් බොහෝ පිරිසක් තවමත් ප්‍රතිකාර ගෙන නොමැති බවට වාර්තා වී තිබෙන බවයි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජලභීතිකා බියෙන් බලන්ගොඩ කැළඹෙයි