(ඩී.ජී.සුගතපාල)
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාගේ නියෝජිතයෙකු ලෙස පෙනිසිටි පුද්ගලයෙකු මෝටර් රථයක්ද සමඟ ගාල්ල පොලිසිය අද (24) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගාල්ල හපුගල පදිංචි අයෙකි.
මේ සම්බන්ධයෙන් මනූෂ නානායක්කාර මහතාද ගාල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විශ්‍රාමික වතු අධිකාරිවරයෙකු බව පවසමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මගින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා තංගල්ල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ අටක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd