(නිමන්ති රණසිංහ)
ජනාධිපති නිතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය හෙට (14) දහවල් 1.00 සිට ප්සවරු 3.00 දක්වා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ හමුවීම් ශාලාවේදී අවසන් ගෞරවය සදහා තැන්පත් කර තැබෙන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපති නිතීඥ ආර්. ඒ. පී. රණවක මහතා සදහන් කළේය.
අභාවප‍්‍රාප්ත ජනාධිපති නිතීඥ වර්ණකුලසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ අවසරයක් ලබා ගත් බවද රණවක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මේ ආකාරයෙන් නිතීඥවරයකුගේ දේහයක් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන එන දෙවැනි අවස්ථාව මෙය බවත් මින් ඉහතදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නිතීඥ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ නැසිගිය ජෝෂප් චාල්ස් මහතාගේ දේහයද පළමු වරට ඒ ආකාරයෙන් මහජන ගෞරවය සදහා අධිකරණය තුළ තැන්පත් කර තිබූ බවත් නිතීඥ සංගමයේ ලේකම් දිනේෂ් දොඩංගගොඩ මහතා සදහන් කළේය.
ඉකුත් 10 වැනිදා පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ජනාධිපති නිතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වූ අතර, ඒ මහතා ඉතාලියේ ශි‍්‍ර ලංකා තානාපතිවරයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපතිවරයකු වශයෙන්ද කටයුතු කර ඇති අයෙකි.
ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (14) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකෙරයි.
2025 නොවැම්බර් මස 04
418
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2188
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති නිතීඥ හේමන්ත වර්ණකුලසුරියගේ අවසන් කටයුතු හෙට