(අමදෝරු අමරජීව)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 10වැනිදා විවෘත කිරීමට නියමිතව තිබූ කන්තලේ නගර ශාලව අද (03) කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විවෘත කළහ.
ජනාධිපතිගේ කන්තලේ සංචාරයට සමගාමීව මෙම නගර ශාලාව විවෘත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉල්ලන ලද විශේෂ සභා වාරය තුළදි ඇති වූ මත ගැටුමක් මෙම විවෘත කිරීමට හේතුවිය.
සභාපතිවරයා ලෙස මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීමටකට අනුව විශේෂ සභා වාරයක් කැඳවූ බවත් ඒ අනුව සභාවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙක් හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක් ජනාධිපතිතුමාගේ සංචාරය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් කාගේ හෝ දේශපාලන අවශ්‍යතාවයකට හසු වී කටයුතු කිරීම නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ට නොදන්වා මෙම නගර ශාලාව විවෘත කළ බවත් කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට සභාපතිවරයා සහභාගි නොවූ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දහදෙනාම එක්වී සිටියහ.
කන්තලේ ප්‍රාදේශීය සභාව සතුව මන්ත්‍රී ධූර 24ක් ඇති අතර ඉන් මන්ත්‍රී ධූර 11ක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හිමි කරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 5ක් හිමි කරගෙන සිටි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 4ක්ද ජනතා විමුක්ති පෙරමුණ හා සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසය එක් මන්ත්‍රී ධූරය බැගින් මන්ත්‍රී ධූර 2ක්ද ස්වාධින කණ්ඩායම් 2 කින් මන්ත්‍රී ධූර 2 ක්ද හිමි කරගෙන සිටි.





COMMENTS
මේ වගේ නීතියක් නැති රටක ඉපදීමත් පවක්.
පොහොට්ටුව කෙරුවොත් කරන්නේ මේ වගේ වැඩක්මයි
ශ්‍රී ලංකාවේ දේශපාලනය සුවකළ නොහැකි රෝගී තත්ත්වයකට පත්ව ඇති බවට මෙම සිදුවීම මඟින් පෙනි යන්නකි. රට ගැන සිතන දේශපාලකයන් සිටින්නේ නම් මෙවැනි පොර තිබෙන්නට හැකියාවක් නොමැත. ඉතාලියේ මිලානෝ නගරයේ උමං දුම්රිය පද්දතියක් ජනතා සන්තකයට පත්කිරීමේ උත්සවයකුත්, ශ්‍රිලංකාවේ පොදු වැසිකිලියක් ජනතා සන්තකයට පත්කිරීමේ උත්සයවයකුත් දුටු අය සිටි නම් රටේ තත්ත්වය හොඳින් තේරුම් ගන්නවාට සැක නැත.
මේ දේවල් සදහා මුදල් වැය කර ඇත්තේ පවතින රජයෙන් මිස කාගෙවත් බුදලයකින් නොවේ. මේ අයට විනය පරීක්ෂණයක් කර දඩුවම් කරන්න