(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථන සොරාගෙන ඒවා විකුණා ගංජා පානය කළ තරුණයන් තිදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි.
ඔවුන් සොරාගත් ජංගම දුරකථන 12ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් තරුණයන් වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.
ඉකුත් මාස කිහිපයක කාලය තුළ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ වෙළඳසැල්වලින් සහ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථවලින් දුරකථන සොරාගත් බවට පොලිසිය ලද තොරතුරු අනුව සිදුකළ පරීක්ෂණවලදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
එගොඩ උයන පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd