( කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම හබරකඩ ප‍්‍රදේශයේ උත්සව ශාලාවක විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන අතරතුර එම මංගල උත්සවය ඡායාරූප ගත කළ ඡායාරූප ශිල්පියාගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වන කැමරා උපකරණ කිහිපයක් තිබූ බෑගයක් සොරා ගෙන පලා ගිය ව්‍යාපාර කළමණාකරණය පිළිබදව උපාධිධාරී ති‍්‍ර රෝද රථ රියදුරෙකු වන පුද්ගලයෙකු අද (26) දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි
සොරා ගත් කැමරාව තුළ අදාල මංගල උත්සවයෙහි ඡායාරූප ගත කළ මතක ගබඩාවන්(මෙමරි කාඩ්පත) ඇතුළත්ව තිබූ බැවින් මනාල යුවළ ඔවුන්ගේ ඡායාරූප ඉල්ලි සිටීමෙන් ඡායාරූප ශිල්පියා දැඩි අපහසුතාවට පත්ව මෙම සොරකම පිළිබඳව පොලීසියට දැන්ම් දී තිබේ.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ අතුරුගිරිය පොලිසියේ නිළදාරීන් අදාල උත්සව ශාලාවෙහි ආරක්ෂිත කැමරා දර්ශන සහ වෙනත් ජංගම දුරකථන මගින් ලබා ගත් විඩියෝ දර්ශන පරීක්ෂා කරමින් සැකකරු හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින අතරතුර කැමරා බෑගය සොරා ගත් පුද්ගලයා විසින් හිමිකරුට ඇමැතුම් ලබා දි පවසා ඇත්තේ එම ආම්පන්න ලබා දීමට නම් රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ලබා දෙන ලෙසයි.
එම තොරතුරු අනුව දුරකතන වාර්තා කැඳවා දත්ත අනුව පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ නිවසේ තිබී සොරකම් කල කැමරා උපකරණ කට්ටලය ඇතුලත් බෑගය ද සොයා ගැනීමට හැකි වූ බවත් එහි අදාල මංගල උත්සවයෙහි ඡායාරූප ඇතුළත් මෙමරි කාර්ඞ් එක ද තිබී සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 නොවැම්බර් මස 21
282
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1247
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඡායාරූප ශිල්පියාගේ කැමරා ආම්පන්න සොරාගත් උපාධිධාරියා පොලිස් දැලේ
sanath Sunday, 26 August 2018 10:24 AM
හොරා උපාධි ගැහුවත් හොරාමයි. රජා උනත් හොරාමයි.