(ඩී.ජී.සුගතපාල)
පසුගිය 3වනදින මිද්දේණිය පොලිස් වසමේ දඹේතලාව ප්‍රදේශයේ අවමංගල උත්සවයක් පැවති නිවසකදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද එයට ආධාර අනුබල දී ඇති සැකකරුවන් දෙදෙනෙකුද ගිනි අවිය සහ අපරාධය සිදු කිරිමට සැකකරුවන් පැමිණ ඇති මෝටර් රථයද ඊයේ (06) රාත්‍රි මිද්දෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු මිද්දෙණිය සතොස්මාතාගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ පදලංගල හාතාගල පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් සහ දඹේතලාව හිදේහේන පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
මිද්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd