(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
පහරදී ඝාතනය කර මීට වසර එකහමාරක පෙර රත්නපුර පොලිස් වසමේ හෙට්ටිකන්දේ කලුවරකැලේ රක්‍ෂිතයේ වළ දමා තිබූ තරුණයෙකුගේ සිරුරක් අපරාධයට සම්බන්‍ධ සැකකරුවන්ගේ ප‍්‍රකාශ මත අද (04) සවස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබීය.
බළන්ගොඩ වලේබොඩ පදිංචිව සිටි කන්දේ දුරගේ රුවන් කුමාර යන අයගේ සිරුර මෙසේ ගොඩගනු ලැබිනි.
මිය ගිය තැනැත්තා රත්නපුර ලෙල්ලොපිටිය, බානගොඩ, කෙම්පනාවත්තේ පිහිටි සිය පෙම්වතියගේ නිවසට යන බව පවසා 2018 වසරේ පෙබරවාරි 8දින පිටත්ව පැමිණීමෙන් පසු මෙසේ අතුරුදන්ව තිබුණි.
රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය කළ විමර්ශනයකින් පසු අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ප‍්‍රකාශ අනුව අතුරුදන් තරුණායගේ සිරුර ද සොයාගනු ලැබිනි.
මියගිය තරුණයා පසුගිය 2018 පෙබරවාරි 08 දින බළන්ගොඩ නගරයට එන බව පවසා වලේබොඩ නිවසින් පිටව ඇවිත් ඇත. එහෙත් ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් ඔහුගේ වැඩිමහල් සොයුරිය මාසයකට පමණ පසු රත්නපුර පොලීසියට මෙම අතුරුදන්වීම ගැන පැමිණිලි කර තිබේ. පසුව මරණකරුගේ මව බළන්ගොඩ පොලිසියට 2018 මාර්තු 25 දින ද පැමිණිලි කර තිබුණි.
ඒ අනුව රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ අංශය අතුරුදන් තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියගේ වැඩිමහල් සොහොයුරා, ඥාතින් වන අඹුසැමි යුවළක් සමග තවත් තරුණයෙකු ඇතුලූ සිව්දෙනෙකු පසුගිය 1දා අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම අතුරුදන් වූ තරුණයා ඝාතනය කර වළ දැමූ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.
වළදැමූ ස්ථානය සැකකරුවන් විසින් පෙන්වනු ලැබීමෙන් පසු එතැනට ආරක්‍ෂාව යොදා අධිකරණයට කරුණු වාර්තා කර අද (04) සවස රත්නපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ සහ රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මුදිත කුඩාගම මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.
ගොඩගනු ලැබු සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට රෝහල් මෘත ශරීරාගාරයට ගෙනයනු ලැබිනි.


2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
927
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2546
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඝාතනය කළ අයකුගේ සිරුරක් වසරකට පසු ගොඩගනී