
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ )
තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර රෙදි කැබලි වලින් ඔතා තිබු කාන්තා මළ සිරුරක් අද(29) සොයාගත් බව පුඩළුඔය පොලිසිය පැවසිය.
මෙසේ සොයාගනු ලැබුවේ පුඩළුඔය සීන් වත්තේ පදිංචි පෙරුමාල් මාලා (40) නැමති කාන්තාවගේ සිරුර බවට හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
අද අලුයම ඝාතනය කර ඇති බවට සැකකෙරෙන එම කාන්තාවගේ සිරුර ඇය පදිංචි පුඩළුඔය සීන් වත්තේම තිබි හමු වු බවත්,ඝාතනය සම්බන්ධයෙන් මරණකාරිණියගේ නිවස ආසන්නයේම පදිංචි අවු 20 තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පුඩළුඔය පොලිසිය කියා සිටියේය.
මරණකාරිය සහ සැකකරු අතර ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැකකරන පුඩළුඔය පොලිසිය කියා සිටියේ මරණකාරිය සැමියාගෙන් වෙන් වි තනිවම නිවසේ ජිවත් වන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd