IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාල්ලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් නවතී

(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දැනට ඉදිවෙමින් පවතින මහල් 10කින් යුතු විශේෂිත වකුගඩු ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇතැයි වාර්තා වේ.
 
එහි ඉදිකිරීම් කටයුතු කරනු ලබන සමාගමට ලැබිය යුතු හිඟ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙතෙක් නොගෙවීම හේතුවෙන් මෙම කටයුතු නතර කර දමා ඇතැයි පැවසේ.
 
මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු දිගින් දිගටම ප්‍රමාදවීම හේතුවෙන්  එය ජනතා අයිතියට පැවරීමට නොහැකි වී ඇති අතර, මේ හේතුවෙන් දකුණේ වකුගඩු රෝගීන්ට එය ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඔවුහු පීඩා විඳිති.
 
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා මෙසේ පැවසීය.
 
“මෙම ඒකකයේ ඉදිකිරීමේ කටයුතු කරන සමාගමට මුදල් වගයක් ගෙවීමට තිබෙනවා. ඒක ඇත්ත. මේ ගැන අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා. වහාම එම හිඟ මුදල් ගෙවන ලෙස ඔහු එම අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව තව සතියකින් දෙකකින් පමණ එම මුදල් ගෙවීමට හැකිවෙනවා. 
 
කෙසේ වෙතත් මෙම වකුගඩු විශේෂිත ප්‍රතිකාර ඒකකයේ වැඩ කටයුතු තව මාස 3 කින් පමණ අවසන් කර ජනතා අයිතියට පැවරීමටයි අපි කල්පනා කරන්නේ. මෙම ඒකකයට අවශ්‍ය අනෙකුත් උපකරණ දැනටමත් මිලට අරගෙනයි තිබෙන්නේ” යැයිද ඒ මහතා කීය.



අදහස් (0)

ගාල්ලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site