(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ලට හෙරොයින් මත්කුඩු බෙදන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අද (19) හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් 1960 ක් සමගින් යක්ගහදී සහ ගොනාමුල්ල රණසිංහ වත්තේදී අත් අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ මෙම ජාවාරම්කරුවන් දෙදෙනාට මත්ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන නඩු දැනටමත් කීපයක් ඇති බවයි.
මෙයින් එක් සැකකරුවෙක් හෙරොයින් අලෙවිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඉකුත් 15 වෙනි දින අධිකරණයෙන් ඇපලබා පැමිනි අයෙක් බවද පොලීසිය කියයි.
අවුරුදු 27 සහ 30 වියැති සැකකරුවන් දෙදෙනා හෙට (20) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අක්මීමන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිරෝෂ් ධර්මසේන මහතාගේ උපදෙස් පිට අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා, ඇතුළු නිලධාරින් කංඩායමක් මෙම වැටලීම් සඳහා සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd