(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බද්දේගම පාර බෙලිගහහන්දිය ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක අද(19) පෙරවරුවේ ඇතිවු ගින්නකින් එම වෙළඳසලට බරපතල හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගින්න නිසා මෙම වෙළඳසලට යාබදව ඇති ලි වෙළඳසලකටද සුළු හානි සිදුව ඇත.
සිද්ධිය වාර්තා වු වහාම පැමිණි ගාල්ල නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පොලිසියේ සහ ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න නිවාදැමිමට පියවර ගන්නා ලදි.
මේ නිසා ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයද පැයකට ආසන්න කාලයක් වසා දැමිම නිසා වාහන ගමනා ගමනයටද බාධා පැමිණ තිබිණි.
ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතා පැවසුවේ ගිනි නිවිම් රථ තුනක් යෙදවු බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරිකෂණ පවත්වාගෙන යනු ලැබේ.



2025 දෙසැම්බර් මස 18
28
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක ගින්නක්