(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල බෝපෙ දෙමහල් නිවසක පහත මාලයේ කොටසක පවත්වාගෙන ගිය වෙළඳසළක් අද (1) ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ගින්න ආරම්භ වී සුළු වේලාවකින් ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය පැමිණ ගින්න පැතිර යාම වළක්වා නිවා දමනු ලැබුව ද ඒ වනවිට වෙළඳසළ සම්පුර්ණයෙන්ම විනාශ වී තිබූ අතර නිවසට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
ගින්නේ තුවාල ලැබු වෙළඳසල් හිමියා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd