IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගාල්ලේ පුරන් කුඹුරු අක්කර දස දහසක් වගා කෙරේ

ඩී.ජී.සුගතපාල

සෞභාග්‍යා වගා සංවර්ධන සහ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ .ගාල්ල දිස්ත්‍රික්කය තුල පුරන් කුඹුරු අක්කර දස දහසක් නැවත වගා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ ජනාධිපතිවරයගේ සෞභාග්‍යා ගෙවතු වගා සංවර්ධන වැඩසටහන යටතේ ආහාර නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා මෙම වගා වැඩ සටහන ක්‍රියාත්මක කිරිමට විශේෂ ක්‍රමවේදයක් යොදා ගෙන ඇති බවයි..

ඒ අනුව පුරන් කුඹුරු අක්කර දස දහසක් අස්වැද්දීම සඳහා ඒවා නිරවුල් කරගෙන ගොවීන් සහ ව්‍යාපාරිකයන්ද සම්බන්ධ කර ගෙන අස්වැද්දීමට කටයුතු සිදු කෙරනු ඇත.

එම කුඹුරු අක්කර දස දහසෙන් අක්කර පන් දහසක මේ වන විටත් බිම් සකස් කරමින් පවතින බවත් මෙම කුඹුරු වගා කිරීමට අවශ්‍ය පොහොර සහනාධාරය නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මේ සඳහා කුඩා ව්‍යාපාරිකයින්ට බැංකු හරහා මූල්‍ය සහනද ලබාදෙනු ඇත.



අදහස් (1)

ගාල්ලේ පුරන් කුඹුරු අක්කර දස දහසක් වගා කෙරේ

මාපලගම ගාල්ලගේ Tuesday, 05 May 2020 12:58 PM

පොහොර ගන්න ගියාම හරි ගෙම්බර්. කාගෙ හයියද මේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site