IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගාල්ලේ පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවන්නැයි යෝජනාවක්

(ඩී.ජී.සුගතපාල සහ  සිරංගිකා ලොකුකරවිට)
 
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු කඳවුරේ සිටින පිරිසෙන් වැඩිම පිරිස ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණවලින් යොමු කරන ලද පිරිස බවත් එනිසා ගාල්ල දිස්ත්‍රික්කයේද පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවිම සුදුසු බවත් අද(20) පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැසවිමේදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.
 
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි රැස්විම පැවැත්විණි.
 
එහිදි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන යටතේ කරුණු පැහැදිලිකල දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනය වන පිරිසෙන් 1300කට අධික පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණවලින් යොමු කරන ලද පිරිස බවය.
 
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඇබ්බැහිවුවන් අතර ලොකු වෙනසක් තිබෙන බවත් පොලිසිය එය තේරුම් අරගෙන කටයුතු කළ බවත් පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නේ වැඩි පුරම මධ්‍යම පන්තියේ පවුල්වල දරුවන් බවත් මේ තත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේද මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවිය යුතු බවත් කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන කන්දකාඩු කඳවුර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇත. සභාපති චන්දිම විරක්කොඩි මහතා කියා සිටියේ ඒ සඳහා සුදුසු ස්ථානයක් හඳුනගෙන දන්වන ලෙසය.මේ සඳහා පොලිසිය සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව  වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියේය.
 



අදහස් (0)

ගාල්ලේ පුනරුත්ථාපන කඳවුරක් පිහිටුවන්නැයි යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site