ඩී.ජී.සුගතපාල
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් අද (15)ගාල්ල නගර සභාවේ කම්කරුවන්ගේ සෙම් පටල ලබාගෙන පී.සී.ආර්.පරික්ෂණයක් සිදු කරන ලදී.
දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජංගම රසායනාගාරය පැමිණ මෙම පරික්ෂණය සිදු කරන ලද අතර මෙහිදි කම්කරුවන් 100කගේ පමණ සාම්පල් ලබා ගන්නා ලදී.
මෙම අවස්ථාවට පැමිණ සිටි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර සිංගාරච්චි මහතා පැසුවේ අවදානම් කණ්ඩායම් මෙසේ පී.සි.ආර්.පරික්ෂණයට යොමු කිරීමට තීරණය කර ඇති බවය.
ඒ අනුව පුද්ගලික බස් රියදුරන් ,කොන්දොස්තරවරුන්, ත්‍රි රෝද රථ රියදුරන්, ධීවරයින් ආදි කණ්ඩායම්වලද පි.සි.ආර්.පරික්ෂණ සිදු කරන බව ඒ මහතා පැවසිය.
ගාල්ලට කොරෝනා අවදානමක් නැතත් මෙවැනි පරික්ෂණවලින් එසේ තිබුනොත් හදුනා ගත හැකි බවත් ඒ මහතා කිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd