(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල, හිරිඹුර, ගලගෙඩිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලක අද(20) ඇති වූ ගින්නක් හේතුවෙන්, ශ්වසන අපහසුතාවට පත්වූ සේවකයන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
මහල් හතකින් යුතු මෙම ගොඩනැගිල්ලේ පස්වන මහලේ ගින්න හටගෙන ඇත.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවාදැමීමට පියවර ගත්තේය.
රෝහලේ සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනෙකු ගින්නෙන් හටගත් දුමාරය හේතුවෙන් අපහසුතාවට පත්ව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd