(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 1560කට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් අද (31) ගාල්ල නගර සභා ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.
මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පියසේන ගමගේ, විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගී වූහ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් උත්සවය සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd