(විජේරත්න රත්නායක )
ගැබිණි මවුවරුන් සඳහා රජය මඟින් ලබාදෙන පෝෂණ මල්ලට ගුල්ලන් සහිත පරිප්පු සහ කඩල බෙදාහැරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියට එරෙහිව නඩු පැවරීමට ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් ඇල්ල කොට්ඨාසයේ සමූපකාර ප්‍රාදේශිකවලට බෙදාහරින ලද ද්‍රව්‍ය සම්බන්ධයෙන් අද (13) දහවල් කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කෙරුණු අතර එහිදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත පරිප්පු කිලෝග්‍රෑම් 200 ක් සහ ගුල්ලන් සහිත කඩල කිලෝග්‍රෑම් 32 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd